ඉන්දියන් ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඊයේ(23) සමත්වුණා.
ඒ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ලකුණු 15කින් පරාජය කරමින්.
පළමුව පිටියට පිවිසි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 172ක් රැස්කර ගත්තා.
Ruturaj Gaikwad ලකුණු 60ක් රැස් කළ අතර Devon conway ලකුණු 40ක් රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී Mohit sharma සහ Mohammed shami කඩුලු 2ක් බැගින් දවාගත්තා.
ලකුණු 173ක ඉලක්කයක් සමඟින් පිටියට පිවිසි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 20 තුල සියලු දෙනා දැවී ලකුණු 157ක් පමණක් ලබා ගැනීමට සමත් වුණා.
කෙසේ වෙතත් මෙම තරගයෙන් පරාජයට පත් වූවද ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට අවසන් තරඟයට සුදුසුකම් ලබා ගැනීමට තවත් අවස්ථාවක් හිමි වී තිබෙනවා.

Follow US

Most Viewed Stories