කළුතර ලැගුම්හලේ දී සිසුවියක් මියගිය සිද්ධියේ සැකකරුවන් අද අධිකරණයට

Friday, 26 May 2023 - 7:45

%E0%B6%9A%E0%B7%85%E0%B7%94%E0%B6%AD%E0%B6%BB+%E0%B6%BD%E0%B7%90%E0%B6%9C%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7
කළුතර ලැගුම්හලක ඉහළ මහලකින් ඇද වැටී පාසල් සිසුවියක් මියයාමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ මියගිය පාසල් දැරියගේ 19 හැවිරිදි මිතුරිය, ඇගේ පෙම්වතා සහ ප්‍රධාන සැකකරුගේ රියදුරා අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට යළි ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා.

එමෙන්ම පාසල් සිසුවියන් කිහිපදෙනෙකු අපයෝජනය කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි උපකාරක පන්ති ගුරුවරයා මෙන්ම කළුතර - පයාගල ප්‍රදේශයේ විහාරස්ථානයක එකොළොස් හැවිරිදි සාමනේර හිමිනමක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් සහ තවත් භික්ෂුන් වහන්සේ දෙනමක් ද අද යළි කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

මේ අතර, කළුතර දිස්ත්‍රීක්කයේ පාසල් සිසුන් සදහා ලිංගික සෞඛ්‍ය අධ්‍යාපන‍ය පිළිබඳව දැනුම්වත් කිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories