යතුරුපැදියක ගැටී කාන්තාවක් ජීවිතක්ෂයට

Friday, 26 May 2023 - 14:24

%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
ගම්පොළ අටබාගේ හන්දියේදී ඊයේ (25) යතුරුපැදියක ගැටී පාරේ ගමන් ගත් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

මෙම අනතුර සිදු වී ඇත්තේ ගම්පොළ අටබාගේ හන්දියේ දුනුකේඋල්ල අතුරු මාර්ගයේදී දුනුකේඋල්ල දෙස සිට ධාවනය වූ යතුරුපැදියක් එම මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ සිරුරේ වැදීමෙන් බවයි පොලිසිය පවසන්නේ.

මියගිය කාන්තාව 74 හැවිරිදි පල්ලේගම, අටබාගේ ප්‍රදේශයේ පදිංචිකාරියක්.

අනතුර සිදු කළ යතුරුපැදිකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පොළ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories