චීනෙට රිළවුන් අපනයනය කිර්‍රිම වළක්වමින් ගොනු කළ පෙත්සම කැඳවීම ජුනි මාසයේ

Friday, 26 May 2023 - 15:56

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B7%99%E0%B6%A7+%E0%B6%BB%E0%B7%92%E0%B7%85%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B8+%E0%B7%80%E0%B7%85%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%A2%E0%B7%94%E0%B6%B1%E0%B7%92+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A

චීනයේ සමාගමකට ශ්‍රී ලංකාවෙන් රිළවුන් ලක්ෂ‍යක් අපනයනය කිර්‍රිම වළක්වමින් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා පරිසර සමාගම්වලින් ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිර්‍ර්මට අද (26) අභියාචනාධිකරණය විසින් කල් ලබා දී තිබෙනවා.

අභියාචනාධිකරණය විසින් නීතිපතිවරයා වෙත දැනුම් දී ඇත්තේ ලබන ජුනි මස 26වැනි දින තෙක් කල් ලබා දෙන බවයි.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් මහත්වරුන් ඇතුළු විනිසුරු මඬුල්ලක් ඉදිරියේ මේ පෙත්සම කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ජයසිංහ මහතා අධිකරණය හමුවේ කියා සිටියේ මෙම නඩුකරයට අදාළ කරුණු දැක්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙසයි.

මාතර ආනන්ද සාගර හිමි, ශ්‍රී ලංකා වන සත්ත්ව හා පරිසර ආර්ක්ෂක සංගමය, මධාරා ගුණවර්ධන ඇතුළු පිරිසක් මේ පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.

ඔවුන් පෙන්වා දුන්නේ මෙලෙස රිළවුන් අපනයනය කිරීමෙන් බරපතළ සත්ත්ව හිංසනයක් සිදුවන බවයි.

ඒ අනුව අධිකරණය නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාට නියෝග ක‍ර ඇත්තේ පෙත්සම නැවත ලබන ජුනි මස 26 වැනිදා කැඳවන ලෙසත් එදිනට කරුණු දක්වන ලෙසත්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories