නායකයා සහ උප නායකයා එකම කිරුළක් වෙනුවෙන් උද්වේගකර සටනක - හිටපු ප්‍රබල ක්‍රීඩකයෙකුගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Friday, 26 May 2023 - 17:14

%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B6%8B%E0%B6%B4+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%91%E0%B6%9A%E0%B6%B8+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%85%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%9A%E0%B6%BB+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B6%9A+-+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9D%E0%B6%BD%E0%B6%B1%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මන්දගාමී ක්‍රීඩා විලාසයකින් අනතුරුව පෙරළිකාර ක්‍රීඩා විලාසයකින් Rohit Sharma නායකත්වය දරන Mumbai Indians ක්‍රීඩකයන්ට සිය වාර්තා සහගත හයවැනි ඉන්දීය ප්‍රිමියර් ලීග් කිරුළ දිනා ගැනීමට අවශ්‍ය වෙන්නේ තවත් ජයග්‍රහණ දෙකක් පමණයි.

සුදුසුකම් ලබා ගැනීමේ තරගයේ දී Lucknow Super Giants පරාජය කළ Mumbai ක්‍රීඩකයින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට Gujarat කණ්ඩායම සමඟ තරග වැදීමට නියමිතයි.

Gujarat කණ්ඩායම පළමු අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ තරගයේ දී චෙන්නායි හමුවේ පරාජය පත් වුනා.

ඒ අනුව අවසන් මහා තරගයේ අසුන වෙනුවෙන් ඉන්දීය කණ්ඩායමේ නායක Rohit Sharma සහ උප නායක Hardik Pandya තරග වදිනවා.

මෙම තරගය සහ නායක Rohit Sharma පිළිබඳ අදහස් දක්වමින් හිටපු ක්‍රීඩක Harbhajan Singh ප්‍රකාශ කළේ...

“Rohit Sharma කියන්නේ බොහොම විනෝදකාමී නායකයෙක්. ඔහු තරුණ ක්‍රීඩකයින්ට වුනත් ඉතා සමීප නායකයෙක්. ඔහු කිසිවිටකත් මමත්වය තරුණයන් අතරට ගෙන යන්නේ නැති නායකයෙක්. ඔහු නවක ක්‍රීඩකයින් සමඟ වැඩ කරන්න ඉතා කැමතියි.

ඔහු සාර්ථකත්වය ඔලුවට ගන්නේ නැතුව ප්‍රවීණ ක්‍රීඩකයින්ට ඉතාමත් ගරු කරන කෙනෙක්. ඔහුගේ මේ ගුණාංග සහ නිහතමානීකම ඔහුව විශිෂ්ට ක්‍රීඩකයෙක් බවට පත් කරනවා,” යනුවෙනුයි.

එමෙන්ම මෙම තරගයේ දී ගුජරාට් ක්‍රීඩක Mohammed Shamiගේ පන්දු යැවීම මුම්බායි ක්‍රීඩකයින්ට දැඩි තර්ජනයක් වන බව ද Harbhajan ප්‍රකාශ කළා.

“Mohammed Shami කියන්නේ ඕනෑම කණ්ඩායමක් බලාපොරොත්තු වෙන ආකාරයේ පන්දු යවන්නෙක්. ඔහු නව පන්දුවෙන් ඉතාමත් හොඳට පන්දු යවනවා. ඒ වගේම ඔහු අවසන් පන්දුවාර කිහිපයේ දී හොඳ යෝකර් පන්දු යවනවා. ඒ වගේම ඔහු පන්දුව දෝලනය කරන්න ගත්තම පිතිකරුවන්ට පහසු වෙන්නේ නෑ පහර දෙන්න.”

Mohammed Shami මේ දක්වා කඩුලු 26ක් දවා ගැනීමට සමත්ව තිබෙන අතර ඔහුගේ කණ්ඩායම් සඟයෙකු වන Rashid Khan කඩුලු 25ක් දවා ගනිමින් වැඩිම කඩුලු ලාභීන් අතර රැඳී සිටිනවා.

“Rashid කියන්නේ ලීග් තරග ගොඩක් ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක්. ඔහු කඩුලු දවා ගන්නවා, ලකුණු රැස් කරනවා වගේම ඉතාම හොඳින් පන්දු රකිනවා. ඒ වගේම නායකයා නොමැති නම් ඔහුට කණ්ඩායම පවා මෙහෙයවන්න පුළුවන්. ගුජරාට් කණ්ඩායම් ඉතා වාසනාවන්තයි ඔහු වගේ ක්‍රීඩකයෙක් කණ්ඩායමේ ඉන්න එක ගැන,” යැයි Harbhajan වැඩිදුරටත් ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories