මහනුවර සිට මහියංගනය දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් සිදුවීමට ගිය විශාල අනතුරකින් වළක්වා ගැනීමට බස් රථයේ ගමන් කළ මගියෙකුට හැකි වී තිබෙනවා.
මෙම බස් රථය උඩුදුම්බර ප්‍රදේශයේ වංගුවකදී රියදුරු ආසන්නයේ ඇති දොර ඇරී රියදුරු ඉන් ඉවතට විසිවීමෙන් බස් රථය පාලනයෙන් තොරව මාර්ගයෙන් ඉවතට පැන ගමන් කිරීමට පටන් ගෙන තිබෙනවා.
එහිදී ක්ෂණිකව රියදුරු අසුන අසල ආසනයේ අසුන් ගෙන සිටි මගී තරුණයෙකු විසින් රියදුරු අසුනට පැන තිරිංග පාගා විශාල ප්‍රපාතයක් ආසන්නයේ දී බස් රථය නතර කර ගැනීමට සමත් වී ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙලෙස සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්වාගත් තරුණයා දෙහිඅත්තකණ්ඩිය මැදගම ප්‍රදේශයේ පදිංචි අයෙක්.
මෙම සිදුවීම සිදුවන අවස්ථාව වන විට බස් රථයේ මගීන් 50ක් පමණ සිට තිබෙනවා.

Follow US

Most Viewed Stories