ටෝකියෝ සහ නැගෙනහිර ජපානයේ අනෙකුත් ප්‍රදේශවල අද(26) ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ නමුත් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
රිච්ටර් මාපකයේ 6.1 ක ප්‍රබල භූ කම්පනය චිබා අර්ධද්වීපයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් කිලෝමීටර් 44.5 (සැතපුම් 28) ගැඹුරින් කේන්ද්‍රගත වී ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය විසින් පවසනවා.
එම ප්‍රදේශයේ දුම්රිය සේවා තාවකාලිකව නතර කර ඇති අතර ටෝකියෝ වෙත ජාත්‍යන්තර දොරටුවක් වන නරිටා ගුවන් තොටුපළේ ධාවන පථ තාවකාලිකව වසා දමා ඇති බව AFP වාර්තා කරයි.
ප්‍රබල භූමිකම්පාවලට ඔරොත්තු දෙන ගොඩනැඟිලි සහතික කිරීම සඳහා ජපානයේ දැඩි ඉදිකිරීම් රෙගුලාසි ඇති අතර, ප්‍රධාන ව්‍යසනයන් සඳහා සූදානම් වීම සඳහා හදිසි අභ්‍යාස පැවැත්වීම පුරුද්දක් ලෙස සිදු කරනු ලබයි.
ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද මේ වන විට ජපානයේ සිටින අතර ජනාධිපතිගේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ අධ්‍යක්ෂ දිනූක් කොළඹගේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ "මෙම භූමිකම්පාව මුලින්ම අත්විඳින අතර, නිසැකවම මෙම විශාලත්වයේ එකක් මීට පෙර දැනී නැත" යනුවෙනි.

Follow US

Most Viewed Stories