සිය පුතා විසින් කසල ගොඩේ සඟවා තිබූ සතුන්ට ඇටවීමට සැකසූ බඳින තුවක්කුවක් පුපුරා යාමෙන් තුවාල ලැබූ මවක් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව ගෝනගංආර පොලීසිය පවසනවා.
ඩෙංගු මර්දන කටයුතු සඳහා නිවෙස් පරික්ෂා කිරීමට පැමිණෙන බවට ගෝනගංආර පොලීසිය විසින් ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගෙන මීට දින කිහිපයකට පෙර ප්‍රදේශවාසීන් දැනුවත් කර තිබෙනවා.
ඒ අනුව එයට බිය වූ පුත්‍රයා බඳින තුවක්කුව කසල ගොඩේ සඟවා කොළඹ ප්‍රදේශයේ රැකියාවට ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
පොලීසියේ දැන්වීමට අනුව ඩෙංගු මර්දනයට පැමිණීමට පෙර මව සිය නිවස වටා තිබෙන කසල එක්රැස් කර කුණු ගොඩට දමා ගිනි තබා ඒ අසල රැඳී සිට තිබෙන බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.
එම අවස්ථාවේදී පුතා විසින් සඟවා තිබූ බදින තුවක්කුව පුපුරා ගොස් ඇයගේ පාදයකට තුවාල සිදු වී ඇති බැවින් ඇය රෝහල් ගත කළ බවයි ගෝනගංආර පොලිසිය පවසන්නේ.

Follow US

Most Viewed Stories