ආසියානු කලාපයේ විශාලතම තීරු බදු රහිත වෙළඳ සංකීර්ණය කොළඹ වරාය නගරයේ ඉදිකිරීම සඳහා ගිවිසුම් අත්සන් කර තිබෙනවා.
ඒ සිංගප්පූරුවේ සුප්‍රකට වන් වර්ල්ඩ් ඩියුටි ෆ්‍රී සමූහයේ ප්‍රධාන විධායක කෙයිරා ෂෑන් සහ කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම අතරයි.
වර්ග මීටර් 7000 ක ඉදිකිරීමට නියමිත තීරු බදු රහිත මෙම සාප්පු සංකීර්ණ ගොඩනැගිල්ල වර්ග මීටර් 1250 ක වපසරියකින් යුක්තයි.
මෙම වසරේ අවසාන කාර්තුවට පෙර ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම් කර ඇති මෙහි ඉන්දීය සහ යුරෝපා වෙළඳපලට අයත් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ හැකියාව පවතිනවා.
මේ අතර, 2022 වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව මෙම වසරේ අප්‍රේල් මාසයේ මෙරට වෙළඳ භාණ්ඩ අපනයන ඇමෙරිකානු ඩොලර් මිලියන 814 යි දශම 1 ක් දක්වා සියයට 16යි දශම 1 යි 5 ක අඩුවීමක් වාර්තා කර ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කළා.
එය 2021 වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව සියයට බින්දුවයි දශම 5 ක අඩුවීමක් බව සඳහන්.
මේ අතර, මෙම වසරේ පළමු කාර්තුව තුල ඇමෙරිකානු ඩොලර් මිලියන 604 ක වටිනාකමකින් යුත් විදේශ ආයෝජන මෙරටට ලැබී ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ ව්‍යාපෘති 30 ක් සඳහා මෙම විදේශ ආයෝජන ලැබී ඇති බවයි.
වෙළඳ භාණ්ඩ අපනයනයෙන් සියයට 12 ක් වූ තේ අපනයන ඉපයීම් 2022 වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව මෙම වසරේ අප්‍රේල් මාසයේදී සියයට 16 යි දශම එකේ සිට ඇමෙරිකානු ඩොලර් මිලියන 93 යි දශම 3 යි 9 ක් දක්වා වැඩිවී තිබෙනවා.
තේ අපනයනයෙන් ලද ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 47 යි දශම 8 යි 2 ක් දක්වා සියයට 29 යි දශම 1 කින් වැඩි වී ඇති බවයි අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කළේ.
එමෙන්ම, මෙම වසරේ අප්‍රේල් මාසයේදී විදුලි සහ ඉලෙක්ට්‍රෝනික උපාංග වලින් අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 40 යි දශම බින්දුවයි 1 ක් දක්වා ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස සියයට 16 යි දශම 1 යි 4 ක්.
මුහුදු ආහාර අපනයන ආදායම ද පසුගිය වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව මෙම වසරේ අප්‍රේල් මාසයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 24 යි දශම 7 යි 6 ක් දක්වා සියයට 17 යි දශම 1 කින් වැඩිවී තිබෙනවා.
කුළුබඩු සහ සාන්ද්‍රිත නිෂ්පාදන අංශයේ අඩු වීක් වාර්තා වුව ද 2022 වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව මෙම වසරේ අප්‍රේල් මාසයේදී කුරුඳු අපනයන ආදායම සියයට 8 යි දශම 4 යි 1 කින් වැඩිවී ඇති බවයි අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කළේ.
මෙම වසරේ මේ දක්වා නිෂ්පාදන අනුව, වැඩිම අපනයන කාර්ය සාධන වෙළඳ භාණ්ඩය ඇඟලුම් සහ රෙදිපිලි වන අතර එය ඇමෙරිකානු ඩොලර් මිලියන 342 යි දශම 8 යි 1 ක්.
කෙසේ වෙතත්, පසුගිය වසරේ අප්‍රේල් මාසය සමග සැසදීමේදී එය සියයට 23 යි දශම 1 යි බින්දුවක අඩුවීමක් බව සඳහන්.

Follow US

Most Viewed Stories