ගිනි අවි සන්තකයේ: දෙදෙනෙක් දැලේ

Wednesday, 31 May 2023 - 10:46

%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A%3A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%9A
විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 තුවක්කුවක් සමඟ සැකකරුවකු ඊයේ (30) ආණමඩුව, කුමාරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආණමඩුව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 66ක් වන කුමාරගම, ආණමඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු අද (31) ආණමඩුව මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ආණමඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.


මේ අතර, නාවලපිටිය, හපුගස්තලාව ප්‍රදේශයේදී ද විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 තුවක්කුවක් හා පතරොම් 03ක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු 24 හැවිරිදි කොත්තුනුගොඩ, කලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර නාවලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories