ලෝක පූජිත අජාන් බ්‍රහ්මවංශ හිමි කටුනායක ගුවන් තොටුපොලේ පැය දොලහක් රඳවා ගනී (වීඩියෝ)

Thursday, 01 June 2023 - 7:11

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%92%E0%B6%AD+%E0%B6%85%E0%B6%A2%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%82%E0%B7%81+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+%E0%B6%AF%E0%B7%9C%E0%B6%BD%E0%B7%84%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%B3%E0%B7%80%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්ව සිටින බ්‍රිතාන්‍ය ජාතික අජාන් බ්‍රහ්මවංශ හිමියන් ඊයේ(31) අලුයම බැංකොක් නුවර බලා යෑමට කටුනායක ගුවන්තොටුපොළට වැඩම කර සිටිය ද, උන්වහන්සේ නියමිත ගුවන් යානය වෙත රැගෙන නොයාම හේතුවෙන් පැය 12කට අධික කාලයක් එහි රස්තියාදු වීමට සිදු වූ අතර, පසුව මැලේසියාව බලා පිටත්ව යන වෙනත් ගුවන් යානයකින් පිටත් කර යවා තිබෙනවා.

අජාන් බ්‍රහ්මවංශ හිමියන් ඊයේ අලුයම 1.10ට තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යෑමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයෙන් බැංකොක් බලා යාමට පෙරේදා(30) රාත්‍රී 10.00ට පමණ කටුනායක ගුවන්තොටුපොළ වෙත වැඩම කර ඇති අතර, ගුවන්තොටුපොළ සියලු නිෂ්කාෂණ කටයුතු නිමා කර, නියමිත ගුවන් යානයට පිවිසීම සඳහා උන්වහන්සේ විශේෂ අමුත්තන්ගේ මැදිරියෙහි අසුන් ගෙන සිට තිබෙනවා.

මේ අතර, එම ගුවන් යානයෙන්ම තායිලන්තයේ බැංකොක් නුවර බලා යෑමට අග්‍රාමාත්‍යවරයා සහ මැති ඇමැතිවරුන් රැසක් ද මෙම විශේෂ අමුත්තන්ගේ මැදිරියට පැමිණ ඇති බවත්, මඳ වේලාවකට පසු විශේෂ අමුත්තන්ගේ මැදිරියේ සිටි අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස තායිලන්තය බලා පිටත්ව යන ගුවන් යානයට විශේෂ බස් රථයකින් රැගෙන ගොස් ඇති බවත් සඳහන්.

විශේෂ අමුත්තන්ගේ මැදිරියේ සිටි අජාන් බ්‍රහ්මවංශ හිමියන්ගේ ගුවන් ගමන අවලංගු කර ඇති බව ගුවන්තොටුපොළ නිලධාරීන් ඊයේ අලුයම 2.30ට පමණ දැනුම් දී තිබෙනවා.

ඉන්පසු උන්වහන්සේ ඊයේ අලුයම යළිත් නිෂ්කාෂණ කටයුතු සිදු කර උදෑසන 10.45ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. 314 දරන ගුවන් යානයෙන් පිටත් කර හැරිය බවයි ගුවන්තොටුපොළ කාර්ය භාර නිලධාරිවරයා පැවසුවේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories