ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන පළමු තරඟය අද

Friday, 02 June 2023 - 7:12

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+-+%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය අද (02) ආරම්භවීමට නියමිතයි.

මෙම තරඟය තරඟ තුනකිම් සමන්විතයි.

එය පෙරවරු 10.00ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ආරම්භවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

පළමු තරඟය පැවැත්වෙන්නේ සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

එළඹෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුදුසුකම් ලැබීමේ වටයට පෙර ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් එක්දින තරඟාවලිය මෙය වනවා.

ඇෆ්ගනිස්තානය ලෝක කුසලානයට සෘජුවම සුදුසුකම් ලබාගත්තා.

එහෙත් ශ්‍රී ලංකාවට තරඟාවලියට එක්වීමට සුදුසුකම් ලැබීමේ තරඟාවලියකට ක්‍රීඩා කිරීමට සිදුව ඇති අතර එම තරඟාවලිය ජුනි 18 වනදා ආරම්භ වනවා. ඒ, සිම්බාබ්වේහිදීයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories