දිස්ත්‍රික්ක පහකට නායයෑමේ අවදානමක්

Friday, 02 June 2023 - 8:15

%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+%E0%B6%B4%E0%B7%84%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%BA%E0%B7%91%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ගාල්ල, කළුතර, කෑගල්ල, මාතර හා රත්නපුර දිස්ත්‍රික්කවලට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑම් අවදානම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල, විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, රත්නපුර, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තම්න්තුව ප්‍රකාශ කළා.


මේ අතර ඇදහැලෙන වැසි හේතුවෙන් ගිං ගඟ පිටාර ගැලීම නිසා නෙළුව, තවලම යන ප්‍රදේශවල පහත් බිම් මේ වනවිට ජලයෙන් යටවී ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories