කැප්‍රියෝ මියයයි (වීඩියෝ)

Friday, 02 June 2023 - 16:05

%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92++%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
රිදියගම සෆාරි උද්‍යානයේ සිටි බෙංගාල ව්‍යාඝ්‍රයෙකු මියගොස් තිබෙනවා.

උද්‍යානයේ සේවකයින් මෙම සත්ත්වයාගේ රෝගී තත්ත්වය පිළිබඳව දුරකතනය ඔස්සේ ස්ථානභාර පශු වෛද්‍යවරියට දැනුම් දීමට ඊයේ උත්සාහ කර තිබුණත් ඇය එම ඇමතුම්වලට ප්‍රතිචාර දක්වා තිබුණේ නැහැ.

රිදියගම සෆාරි උද්‍යානය යනු දෙස් විදෙස් සංචාරකයින්ගේ ඉමහත් ආකර්ෂණයක් දිනා ගත් මෙරට ප්‍රධානම සංචාරක ගමනාන්තයක්.

එම උද්‍යානයේ සිටි කැප්‍රියෝ නම් අවුරුදු 6ක් පමණ වයසැති බෙංගාල ව්‍යාඝ්‍රයා අද අලුයම මියගොස් තිබුණා.

මෙම සෆාරි උද්‍යානය තුළ බෙංගාල ව්‍යාඝ්‍රයන් සිටියේ 5 දෙනෙකු පමණයි.

අප කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ කැප්‍රියෝ නම් ව්‍යාඝ්‍රයාව පරීක්ෂා කිරීම සඳහා ස්ථාන භාර පශු වෛද්‍ය අමිලා කලුතන්ත්‍රිගේ මහත්මිය ඊයේ දිනයේදී නොපැමිණි බවයි.

උද්‍යානයේ සේවකයින් වෛද්‍යවරියට දුරකතනය ඔස්සේ සත්ත්වයාගේ රෝගී තත්ත්වය පිළිබඳව දැනුම් දීමට උත්සාහ කර තිබුණත් ඇය එම ඇමතුම්වලට ප්‍රතිචාර දක්වා තිබුණේ නැහැ.

ඒ, ඊයේ දිනය රාජකාරි දිනයක් මෙන්ම ඇයගේ නිල නිවාසයද සෆාරි උද්‍යානය තුළම පිහිටා ඇති පසුබිමකයි.

මියගිය කැප්‍රියෝගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයක් පවා සිදු නොකර තවමත් උද්‍යානයේ රථයක ඇත්තේ මෙලෙසින්.

මෙම වෛද්‍යවරියගේම සේවා කාලය තුළදී ශාන් නමැති කොටි පැටවාද මියගිය නමුත් එම සත්වයාගේද මරණ පරීක්ෂණ වාර්තාවක් නිකුත් කර නැහැ.

එමෙන්ම කේශර නම් සිංහ පැටවාද මිය ගියේ මෙම ස්ථානභාර පශු වෛද්‍යවරියගේ කාලසීමාව තුළයි.

මීට පෙරත් අවස්ථා රැසකදී හිරු ප්‍රවෘත්ති රිදියගම සෆාරි උද්‍යානයේ සිදුවන සත්ව හිංසන ඇතුළු ක්‍රියා පිළිබඳව අනාවරණ කළත් බලධාරීන් ඒ පිළිබඳව නෑසූ කන්ව මුනිවත රැකීම කණගාටුවට කරුණක්.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories