වඩමාරච්චි ජනහමුව උණුසුම් වෙයි (වීඩියෝ)

Friday, 02 June 2023 - 20:53

%E0%B7%80%E0%B6%A9%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
දමිළ ජාතික ජනතා පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් වඩමාරච්චි ප්‍රදේශයේ ජන හමුවකට සහභාගි වෙමින් සිටින අතරතුර උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ඒ බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකු සිවිල් ඇඳුමින් එම ස්ථානයට පැමිණීමත් සමගයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් යාපනය වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේ ජන හමුවකට සහභාගි වෙමින් සිටි අතරතුරදීයි මෙම උණුසුම්කාරී තත්තවය හටගෙන තිබුණේ.

එම අවස්ථාවේදී ක්‍රීඩා පිටියට බුද්ධි නිලධාරීන් දෙදෙනෙකුද පැමිණ තිබෙනවා.

එහිදී මන්ත්‍රීවරයා සහ අදාළ බුද්ධි නිලධාරියා අතර උණුසුම්කාරී තත්ත්වයක් ඇති වූ අතර ප්‍රදේශවාසීන්ද ඊට මැදිහත් වුණා.

අදාළ අවස්ථවේ ඊට යාබද පාසලේ අපොස සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයක් ද ක්‍රියාත්මක වෙමින් පැවැති අතර එහි ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් සහ මන්ත්‍රීවරයා අතර ද උණුසුම් කතාබහක් හටගත්තා.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මරදන්කේනි පොලිසිය පැවසුවේ මන්ත්‍රීවරයා ආරක්ෂක නිලධාරීන් නොමැතිව එම ජන හමුවට සහභාගී වී තිබූ බැවින් ක්‍රීඩා පිටියට බුද්ධි නිලධාරීන් ගොස් තිබු බවයි.

මෙතෙක් එම සිදුවීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී නොමැති බවද පොලිසිය පැවසුවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories