ඉන්දියාවේ මාරාන්තික දුම්රිය අනතුරක්

Friday, 02 June 2023 - 22:29

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A
ඉන්දියාවේ මාරාන්තික දුම්රිය අනතුරෙන් මිය ගිය සංඛ්‍යාව 207 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තුවාල ලැබූ සංඛ්‍යාව 900ක් බවයි වාර්තා වන්නේ.

....................................... UPDATE 06.03 .......................................


ඉන්දියාවේ දුම්රිය තුනක් ගැටීමෙන් 300කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ අනතුරින් 50 දෙනෙකුට අධික පිරිසක් මිය ගොස් ඇතැයි සැක පළ කරන බවයි.

අනතුර සිදුව ඇත්තේ ඔඩිෂා ප්‍රාන්තයේ බැලාසෝර් ප්‍රදේශයේදී වන අතර කොල්කටා සිට චෙන්නායි දක්වා ධාවනය වෙමින් තිබූ කොරමැන්ඩල් එක්ස්ප්‍රස් දුම්රිය, පීලි පැන එහි පෙට්ටි කිහිපයක් ප්‍රතිවිරුද්ධ දුම්රිය මාර්ගය මතට වැටී තිබෙනවා.

එහි ගැටී ඇත්තේ කොල්කටා දක්වා ධාවනය වෙමින් තිබූ තවත් දුම්රියක බව සඳහන්.

එමෙන්ම ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ තවත් භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් ද මින් අනතුරට ලක්ව ඇති බව‍යි.

අනතුරට ලක්වූවන් සොයා දැවැන්ත මෙහෙයුමක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින අතර මේ අතර අනතුර පිළිබඳ සිය දැඩි ශෝකය පළ කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට්විටර් පණිවිඩයක් තබා තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා පවසන්නේ අනතුරට පත්වූවන් මුදාගැනීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories