ඉන්දියාවේ යුවළක් මංගල රැයේදී ජීවිතක්ෂයට

Monday, 05 June 2023 - 10:22

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BA%E0%B7%94%E0%B7%80%E0%B7%85%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD+%E0%B6%BB%E0%B7%90%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
මංගල රාත්‍රියේම සැකකටයුතු ලෙස මියගොස් සිටි අඹුසැමි යුවළක් සම්බන්ධයෙන් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

විවාහය දා රාත්‍රියේ යුවළ නිවසේ චාරිත්‍රානුකූලව නතර වී ඇති අතර, පසුව දා උදෑසන ඥාතීන් පැමිණ කතා කළද ඔවුන් කාමරයෙන් එළියට නොපැමිණි නිසා දොර කඩා පරීක්ෂා කිරීමේ දී ඔවුන් දෙදෙනා කාමරය තුළ මියගොස් ඇති බව අනාවරණය වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 22 හැවිරිදි ප්‍රතාප් යාදව් සහ එම ප්‍රදේශයේම පදිංචි 20 හැවිරිදි පුෂ්පා දේවි නම් යුවලක් බවයි වාර්තා වන්නේ.

සිදුකළ පරීක්ෂණවලදී හෙළ වී ඇත්තේ පිරිසිදු වාතාශ්‍රය නොමැති කමින් මොවුන් දෙදෙනාට හුස්ම ගැනීමට අපහසු වී හෘදයාබාධයකින් මිය ගොස් ඇති බවයි.

නව යුවළගේ මරණය සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණයක් ක්‍රියාත්මක අතර ඔවුන් නවාතැන් ගෙන සිටි ස්ථානයේ අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණයක් සිදුකළ අතර ඔවුන් අනුභව කළ ආහාර පිළිබඳව පරීක්‍ෂණ පවත්වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories