මාරාන්තික HMPV වෛරසය ගැන සෞඛ්‍ය අංශ අවධානයෙන්

Monday, 05 June 2023 - 15:26

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+HMPV+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%82%E0%B7%81+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
මාරාන්තික ශ්වසන ආසාදන සහිත HMPV වෛරසය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

HMPV වෛරසයේ බලපෑමක් මෙතෙක් ශ්‍රී ලංකාවට නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් 19 රෝගය පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි ප්‍රකාශ කරනවා.

HMPV වෛරසය අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් කිහිපයක ඉහළ ව්‍යාප්තියක පවතින බව ඔහු එහිදී සඳහන් කළා..

කොවිඩ් ආසාදනයේ සහ උණ රෝගයේ රෝග ලක්ෂණ සහිත මෙම වෛරසය මාරාන්තික ශ්වසන ආසාදන ඇති කරවන බවත්, මෙතෙක් මෙම වෛරසය මෙරටට ව්‍යාප්ත වී නොමැති බවත් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය සහ අදාළ බළධාරීන් අවධානයෙන් කටයුතු කරන බවත් වෛද්‍ය අන්වර් හම්දානි වැඩිදුරටත් සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories