ත්‍රීරෝද රථයෙන් එළදෙනක් රැගෙන ගිය ගවහොරු දෙදෙනෙකු අත්අඩංගුවට

Tuesday, 06 June 2023 - 14:07

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B7%85%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%80%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
වවුනියාව සමයපුරම් ප්‍රදේශයෙන් හොරකම් කරන ලද එළදෙනෙකු ත්‍රීරෝද රථයක පටවා ගෙන යමින් සිටි දෙදෙනෙකුව ගම්වාසීන් විසින් අල්ලා නෙලුක්කුලම පොලීසිය වෙත ඊයේ(05) බාර දී තිබෙනවා.

එළදෙනගේ කකුල් හතර ලණුවකින් ගැටගසා රාත්‍රියේ දී මස් පිණිස අලෙවි කිරීමට රැගෙන යමින් සිටියදී ගම්වාසීන් පිරිසක් එළදෙනගේ කකුල් දැක තිබෙන අතර පසුව ත්‍රීරෝද රථය ලුහුබැද ගිය ගම්වාසීන් එය නතර කොට සැකකරුවන් හා එළදෙන ඔවුන් බාරයට ගෙන පොලීසිය වෙත බාර දී ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

වවුනියාවේ ගව ඝාතකාගාරය පිහිටා ඇත්තේ සාලම්බකුලම ප්‍රදේශයේ වන අතර මෙම එළදෙන රැගෙන ගොස් ඇත්තේද ගව ඝාතකාගාරයේ සිටින පිරිසකට අලෙවි කිරීම සඳහා බව පොලිස් විමර්ශනවලදී සැකකරුවන් ප්‍රකාශ කර තිබෙනවා.

නෙලුක්කුලම පොලීසිය මෙම සැකකරුවන් දෙදෙනා වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories