නිමි තේ කිලෝවක මිල පහත වැටිම නිසා වතු සමාගම් පාඩු ලබන තත්ත්වයක

Tuesday, 06 June 2023 - 14:53

%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%AD%E0%B7%9A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D%E0%B7%80%E0%B6%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%B4%E0%B7%84%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%92%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A
ඩොලරයේ අගය පහත වැටිමත් සමග උඩරට සහ පහතරට නිමි තේ කිලෝවක මිල විශාල ලෙස පහත වැටිම නිසා තේ වතු සමාගම් පාඩු ලබන තත්ත්වයකට පත් වි ඇති බව වතු අධිකාරිවරුන් පවසනවා.

ඔවුන් පවසන්නේ පසුගිය මාස කිහිපය තුල තේ වෙන්දේසියේදි උඩරට සහ පහතරට නිමි තේ කිලෝවක් රු 1800-1900 අතර අලෙවි වු බවත්, ඉකුත් සතියේ තේ වෙන්දේසිය සදහා ඉදිරිපත් කර තිබු නිමි තේ කිලෝවක් රු 800-900 වැනි උපරිම මිලකට අලෙවි වු බවයි.

එමෙන්ම ඔවුන් පෙන්වා දෙන්නේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු දහසක් වශයෙන් ගෙවිය යුතු බවත්, වැඩි වු විදුලි බිල, තේ වේලිම සදහා භාවිතා කරන දැව මිල ඉහල යාම ඇතුළු ද්‍රව්‍ය රැසකම මිල ඉහල යාම නිසා නිමි තේ කිලෝවක් නිෂ්පාදනය කිරිමට විශාල මුදලක් වැය වන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories