මිහින්තලය විහාරාධිපතිගේ හඬපටයක් සහ වීඩියෝ පටයක් මුදා හැරීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක්

Tuesday, 06 June 2023 - 18:50

%E0%B6%B8%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B7%84%E0%B6%AC%E0%B6%B4%E0%B6%A7%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%E0%B6%B4%E0%B6%A7%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
මිහින්තලය රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ හඬපටයක් සහ වීඩියෝ පටයක් සමාජ මාධ්‍යට මුදා හරින බව පවසමින් පුද්ගලයකු උන්වහන්සේගෙන් කප්පම් ඉල්ලා ඇති බව මිහින්තලේ පොලිසිය පවසනවා.

එම හිමියන්ගේ හඬ පටයක් සහ වීඩියෝ පටයක් එම පුද්ගලයා සතුව තිබෙන බවත් රුපියල් කෝටියක මුදලක් නොදුනහොත් එය සමාජ මාධ්‍යට මුදා හරින බවට වට්ස්ඇප් හරහා ඇමතුමක් දුන් බව හිමියන් විසින් පොලිසියට පවසා තිබෙනවා.

මිහින්තලය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු එම වීඩියෝ පටය සහ හඬ පටය ඔහුගේ මුහුණ පොතේ පළ කර ඇති අතර මේ වන විට එය ඉවත් කර ඇති බවත් උන්වහන්සේ ප්‍රකාශකළ බව පොලිසිය පවසනවා.

පියුමි දුලීකා යන නමින් පවත්වාගෙන යනු ලබන මුහුණු පොතේ ගිණුමක එම හඬ පටය සහ වීඩියෝ පටය මේ වන විට පළ කර තිබෙන බවද උන්වහන්සේ වැඩිදුරටත් මිහින්තලේ පොලීසියට පවසා තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories