වන් ගෝල්ෆේස් සංකීර්ණයේ පහර දීමක්

Tuesday, 06 June 2023 - 22:22

%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් කොළඹ වන් ගෝල්ෆේස් සංකීර්ණයේ පීසා අවන් හලක සේවකයෙකුට පහර දී ඇති බව පොලිසිය සඳහන් කරනවා.

අදාළ පහර දීම සිදුව ඇත්තේ වන් ගෝල් ෆේස්හි 6 වන මහලේ බවයි වාර්තා වී ඇත්තේ.

මෙහි ප්‍රධාන සූපවේදියා වැඩ නිම වී නිවසට යැමට පෙර තම හෙල්මටය එහි වූ මේසයක තබා තිබෙන අතර ඒ අවස්ථාවේ එතනට පැමිණි සුරාබදු නිලධාරීන් විසින් එම හෙල්මටය රැගෙන යාමට උත්සාහ දරා තිබෙනවා.

කෙසේ වෙතත් එම අවස්ථාවේ අදාළ ආයතනයේ ප්‍රධාන සූපවේදියා හා කළමනාකරු සමඟ සුරාබදු නිලධාරීන් විසින් බහින්බස්වීමක් ඇති කර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී සුරාබදු නිලධාරීන් විසින් ප්‍රධාන සූපවේදියාට හා ආයතනයේ කළමනාකරු පහර දී තිබෙනවා.

පසුව තවත් සුරාබදු නිලධාරීන් පිරිසක් පැමිණ ආයනයේ පිරිසට පහර දී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම අවස්ථාවේ අදාළ නිලධාරීන් බීමත්ව සිටි බවයි වාර්තා වී ඇත්තේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවමත් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති පොලිසිය සඳහන් කළේ.

ඊට අදාළ සී.සී.ටී.වී. දර්ශන ද මාධ්‍යට නිකුත් කර තිබෙනවා.

මෙම පහර දීමෙන් අදාළ අවන් හලේ ප්‍රධාන සූපවේදියා සහ සුරාබදු නිලධාරියෙකු ද තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන බව ද අප වාර්තාකරු සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories