විරෝධතාවකට එරෙහිව තවත් අධිකරණ නියෝගයක්

Wednesday, 07 June 2023 - 15:16

%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ ක්‍රියාකාරින් ඇතුළු පිරිසක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති විරෝධතාවකට එරෙහිව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, මරදාන පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මත ස්ථානාධිපතිවරයා විසින් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්.

ඒ අනුව අධිකරණ කලාපය, ජාතික රෝහල් චතුරස්‍රය අවට ඩීන්ස් පාර, ටී.බී ජයා මාවත මෙන්ම ඒ අවට ඇති සියලු පාසල්වලට සහ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට බාධාවන ආකාරයෙන් විරෝධතාවක නිරත වීම තහනම් කරමිනුයි මාලිගාකන්ද අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

එහි වගඋත්තරකරුවන් ලෙස පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව, ලහිරු වීරසේකර ඇතුළු 12 දෙනෙකු මෙන්ම විරෝධතාවට සහභාගිවන සියලු තැතැත්තන් නම් කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories