භාණ්ඩ 300ක ආනයන සීමා ඉවත් කරයි

Wednesday, 07 June 2023 - 15:57

%E0%B6%B7%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+300%E0%B6%9A+%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
භාණ්ඩ 300ක ආනයන සීමා මෙම සති අන්තයේ ඉවත් කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින් මුදල් රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේ මේ වන විට ආනයන සීමා කර ඇති භාණ්ඩ ලැයිස්තුව 1216ක් බවයි.

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ගත් මෙවැනි තීන්දු තීරණවලින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් තවත් අපහසුතාවට පත් වූ බව ඇමැතිවරයා පවසා සිටියා.

රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේ නව බදු හඳුන්වා දීම, පොලී අනුපාත ඉහළ නැංවීම සහ ආනයන සීමා පැනවීමට රජය පියව‍ර ගත්තේ ආදායම් මට්ටම ඉහළ නංවා ගැනීමටත් විදේශ සංචිත ආරක්ෂා කර ගැනීමටත් බවයි.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories