අන්තරේට ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් (වීඩියෝ)

Wednesday, 07 June 2023 - 16:13

%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%9A%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BD+%E0%B7%84%E0%B7%8F+%E0%B6%9A%E0%B6%AF%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%9C%E0%B7%91%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කළ විරෝධතාවක් විසුරුවා හැරීමට ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලය ආසන්නයේදී පොලිසිය අද ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කළා.

විරෝධතාකරුවන් පොලිස් මාර්ග බාධක බිඳ හෙළමින් ඉදිරියට ගමන් කිරීමට සූදානම් වූ අවස්ථාවේදී මෙලෙස ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ලවු බවයි එහි සිටි හිරු වර්තාකරුවන් සඳහන් කළේ.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසළින් ආරම්භ කළ මෙම විරෝධතාව හේතුවෙන් නුගේගොඩ - විජේරාම ශ්‍රී සෝරත මාර්ගය තාවකාලිකව වසා දැමුණා.

මාස 05 ක් තිස්සේ වසා දමා ඇති බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය විවෘත කිරීම, ජීවන බරට අනුව මහපොළ ශිෂ්‍යාධාර ඉහළ නැංවීම, ආහාර ද්‍රව්‍ය මිල ගණන් අඩු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනුයි ඔවුවන් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණේ.

කෙසේ වෙතත් මෙම විරෝධතා පාගමනට එරෙහිව පොලිසිය කළ ඉල්ලීමක් මත කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක් ද නිකුත් කළා.

එහි දැක්වුණේ අද පෙරවරු 11 සිට පස්වරු 6 දක්වා අතර කාලයේ අරලියගහ මන්දිරය, අග්‍රාමාත්‍ය කාර්යාලය, ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය සහ ගාලුමුවදොර පිටියේ පරිශ්‍රයන්ට මෙන්ම ගාලුමුවදොර වට රවුමේ සිට එන්.එස්.ඒ. වටරවුම දක්වා මාර්ග වලට ඇතුළු වීම වළක්වන බවයි.

එසේම පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ ක්‍රියාකාරින් ඇතුළු පිරිසක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති විරෝධතාවකට එරෙහිවද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක් නිකුත් කර තිබුණා.

ඒ, මරදාන පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මත ස්ථානාධිපතිවරයා විසින් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්.

ඒ අනුව අධිකරණ කලාපය, ජාතික රෝහල් චතුරස්‍රය අවට ඩීන්ස් පාර, ටී.බී ජයා මාවත මෙන්ම ඒ අවට ඇති සියලු පාසල්වලට සහ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට බාධාවන ආකාරයෙන් විරෝධතාවක නිරත වීම තහනම් කරමිනුයි මාලිගාකන්ද අධිකරණය එම නියෝගය නිකුත් කර තිබුණේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories