පෙම්වතියගේ රන් භාණ්ඩ සොරා ගත් පෙම්වතෙකු අත්අඩංගුවට

Thursday, 08 June 2023 - 12:59

%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පනස් පස් හැවිරිදි පෙම්වතියගේ රන් භාණ්ඩ සොරා ගත් විසි අට හැවිරිදි පෙම්වතකු කැලණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මූල්‍ය සමාගමක සහකාර කළමනාකාරවරයෙකු ලෙස සේවය කරන මෙම පෙම්වතා වසර ගණනාවක් මෙම ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවද විමර්ශනවලදී හෙළි වී තිබෙන බවයි වාර්තා වන්නේ.

පෙම්වතා හට විවාහයක් සිදුකර ගැනීමට යෝජිතව තිබූ හෙයින් දෙදෙනා අතර විරසකයක් තිබූ ඇති බවට කරුණු අනාවරණය වී ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

රන් භාණ්ඩ සොරකම් කර ඇති බවට පෙම්වතිය විසින් පොලිසියට පැමිණිලි කර ඇති අතර සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගත්ත ද රන් භාණ්ඩ සොයා ගැනීමට නොහැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories