චීනයට යෑමට නොහැකි බව පවසමින් චීන ජාතිකයා ගුවන් තොටුපළේ කලහකාරී ලෙස හැසිරෙයි

Thursday, 08 June 2023 - 23:20

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B7%91%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B4%E0%B7%80%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%85%E0%B7%9A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%84%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B7%84%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%99%E0%B6%BA%E0%B7%92


ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයකින් මෙරටට පැමිණි අවස්ථාවේදී අල්ලාගත් අල්ලා ගත් චීන ජාතිකයා යළිත් චීනයට පිටුවහල් කිරීම සඳහා කටුනායක ගුවන් තොටුපොළට රැගෙන ආ අවස්ථාවේ යළි චීනයට යෑමට නොහැකි බව කියමින් කලහාකාරි ලෙස හැසුරුණු බව ගුවන් තොටුපල ආරංචි මාර්ග පවසනවා.

පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනකුගේ ද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පොලිස් පරීක්ෂකවරයකුගේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියකුගේ දැඩි ආරක්ෂාව යටතේ චීන ජාතිකයා අද සවස 5 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එනු ලැබුවා.

ගුවන් යානයට පිවිසීමට ඇති අවසන් දොරටුව වෙත මෙම චීන ජාතිකයා රැගෙන ආ අවස්ථාවේ ඔහු යළි චීනයට යෑමට නොහැකි බව කියමින් කලහකාරී ලෙස හැසිරෙන්නට පටන් ගත් බවයි ගුවන්තොටුපල ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories