ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිත පිරිසක් සහ සජිත් අතර හමුවක්

Friday, 09 June 2023 - 21:33

%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයමා ඇතුළු නියෝජිත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් පවත්වා තිබෙනවා.

ඒ, කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දීයි.

එහි දී ශ්‍රී ලංකාව මුහුණ දී සිටින තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වුණ බව සඳහන්.

මෙරට ගොඩ නැගීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම නියෝජිත පිරිසගෙන් ඉල්ලීමක් කළේ.

ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික දූත මණ්ඩල අධ්‍යක්ෂවරුන් වන චෙන් චෙන් සහ ටකෆුමි කඩොනෝ මෙම සාකච්ඡාවට එක්ව සිටින බව සඳහන්.

මෙරට ආර්ථිකය තුළ බිඳ වැටී ඇති ක්ෂේත්‍ර පිළිබඳව විපක්ෂ නායකවරයා එකින් එක පැහැදිලි කළ බවයි එම කාර්යාලය නිවේදනය කළේ.

මේ තත්ත්වයෙන් ගොඩ ඒම උදෙසා ශ්‍රී ලංකාවට කාලය අවශ්‍ය වනවා.

ඊට නිවැරදි මූල්‍ය කලමනාකරණය උදෙසා රජය දිරිගැන්වීමේ සහ රජයට අවශ්‍ය උපදෙස් ලබාදීමේ අවශ්‍යතාවයක් මෙහි දී සජිත් ප්‍රේමදාස පැහැදිලි කළ බව සඳහන්.

ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ක්ෂේත්‍ර ගණනාවක් ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමට අපේක්ෂා කරන බව එහිදී එම නියෝජිත පිරිස සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රකාශ කළ බවයි, විපක්ෂ නායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories