Elephant House, Lanka Premier League 2023 සමඟ අත්වැල් බැඳගනී

Saturday, 05 August 2023 - 11:50

Elephant+House%2C+Lanka+Premier+League+2023+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
මෙරට ප්‍රමුඛ පෙළේ සන්නාමයක් වන, එලිෆන්ට් හවුස්, සහ ලංකාවේ විශාලතම T20 ප්‍රිමියර් ලීගය වන “Lanka Premier League 2023” සමඟ අත්වැල් බැඳගත් බව දැනුම් දී තිබෙනවා.

මෙම සහයෝගීතාවය එලිෆන්ට් හවුස් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් යන දෙඅංශයටම වැදගත් සන්ධිස්ථානයක් වනු ඇති.

එලිෆන්ට් හවුස් ස්ථාපිත කළ 1852 දී සිට ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින් අතර විශ්වාසනීය නාමයක් වී ඇති අතර සියවසකට වැඩි කාලයක් පුරා, එලිෆන්ට් හවුස්, ලාංකීය රසවතුන් සඳහා පුළුල් රස පරාසයකින් ආහාරපාන වර්ග හඳුන්වාදී තිබෙනවා.

ලංකා ප්‍රිමියර් ලීග්, T20 ක්‍රිකට් තරඟ සඳහා ප්‍රසිද්ධියට පත් වී ඇති අතර, එය ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ගේ සහ රසිකයින්ගේ හදවත් ග්‍රහණය කර ගනිමින් රටේ වඩාත්ම ආකර්ෂණීය ක්‍රීඩා ඉසව්වක් බවට පත්වීම විශේෂයක්

මේ සඳහා ලොව පුරා සිටින දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ක්‍රීඩා කරන අතර, එය ක්‍රීඩාශීලිත්වය සහ තරගාවලියේ උද්වේගකර බව ඉහළ නැංවීමට මහත් පිටුවහලක් වනු ඇති.

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි ආහාර අංශයේ සභාපති දමින්ද ගම්ලත් , මෙම සහයෝගීතාවය පිළිබඳව අදහස් දක්වමින් පැවසූවේ ලංකා ප්‍රිමියර් ලීග් 2023 වෙත සහයෝගීතාවය දැක්වීමට ලැබීම පිළිබඳව ඉතා සතුටු වන බවයි.

එමෙන්ම මෙරට තුළ ක්‍රිකට් ක්‍රීඩාව මිනිසුන්ගේ ජීවිතයේ කොටසක් බවත් මෙම හවුල්කාරිත්වය තුළින් රට පුරා සිටින ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට ක්‍රිකට් අත්දැකීම් වැඩි දියුණු කරන බව සභාපතිවරයා පැවසුවා.

එලිෆන්ට් හවුස් සහ ලංකා ප්‍රිමියර් ලීග් යන දෙපාර්ශවයම මෙම හවුල්කාරිත්වයට පැමිණෙන්නේ එකමුතුකම සහ ජාතික අභිමානය පෝෂණය කිරීමේ දැක්මක් බෙදා ගන්නා මොහොතකයි.

එය ක්‍රීඩාවේ මූලික වටිනාකම් වන කණ්ඩායම් ක්‍රියාකාරිත්වය, අඛණ්ඩතාව සහ සාධාරණ ක්‍රීඩාව සමඟ පෙළගැසෙමින් ප්‍රේක්ෂක පිරිස වෙත එහි ප්‍රවේශය පුළුල් කිරීමට එලිෆන්ට් හවුස් සුවිශේෂී අවස්ථාවක් උදා කරයි.

එමෙන්ම, එලිෆන්ට් හවුස් ප්‍රවර්ධන වැඩසටහන් මගින් තරඟ පවත්වනු ලබන අතර, මෙහිදී ක්‍රීඩා ලෝලීන්ට සුවිශේෂී වෙළඳ භාණ්ඩ සහ තරඟ ටිකට්පත් දිනා ගැනීමට අවස්ථාවක් හිමිවෙනවා


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories