ලිබියාවේ ආපදාවට ලක්වූවන් සොයා පස්වන දිනටත් මෙහෙයුම්

Friday, 15 September 2023 - 11:16

%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%86%E0%B6%B4%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
නැගෙනහිර ලිබියාවේ ඇති වූ දරුණු ගංවතුර තත්ත්වයෙන් ආපදාවට ලක්වූවන් සහ මියගිය පිරිස් සොයා සිදුකරන මෙහෙයුම් පස්වන දිනටත් අද(15) ක්‍රියාත්මකයි.

ඩැනියෙල් සුළි කුණාටුව කඩා වැදීමත් සමඟ පසුගිය ඉරිදා ඩර්නාහි වේලි දෙකක් සහ පාලම් හතරක් විනාශ වූ අතර ඒ හේතුවෙන් නගරයේ ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී තිබෙනවා.

මේ හේතුවෙන් මියගිය සංඛ්‍යාව 6000 - 11,000 ත් අතර විය හැකි බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.

දස දහසකට අධික පිරිසක් මේ වනවිටත් අතුරුදන්ව සිටින අතර, ඩර්නාහි නගරාධිපතිවරයා පවසන්නේ මුළු සංඛ්‍යාව 20,000 දක්වා ඉහළ යා හැකි බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories