හරක්කටාට සහය දැක්වූ කොස්තාපල්ගේ මව සහ ඥාතියකු අත්අඩංගුවට (වීඩියෝ)

Monday, 18 September 2023 - 8:12

%E0%B7%84%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%A7%E0%B7%8F%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%A5%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
UPDATE: මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සහ පාතාල නායක 'හරක් කටා' පලායාමට පහසුකම් සැලසීමට උත්සාහ කළ බව කියන පොලිස් කොස්තාපල්වරයාගේ මව සහ ඥාතියා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

................................................

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට සහය පළ කළ දැනට පළාගොස් සිටින පොලිස් කොස්තාපල්වරයාගේ මව සහ ඥාතියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පලාගොස් සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට විශේෂ මෙහෙයුමක්ද ක්‍රියාත්මකයි.

එවන් පසුබිමක ඔහු විදේශ රටකට පලා ගොස් ඇති බවට වාර්තා පළවුවද එය මෙතෙක් තහවුරු වී නොමැති බවයි වාර්තා වන්නේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන හරක් කටා මෙම කොස්තාපල්වරයාට අවස්ථා කිහිපයකදී මුදල් ලබා දී ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔහු විසින් මෑත කාලයේදී රුපියල් ලක්ෂ 50ක පමණ වටිනා කුඹුරු ඉඩමක් ත්‍රිකුණාමල ප්‍රදේශයෙන් මිලදී ගෙන ඇති අතර ඔහුගේ දෙමාපියන්ට සහ පවුලේ ඥාතීන්ට තවත් මුදල් ලබාදී ඇති බවයි.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories