ශ්‍රී ලංකා මහ බැංකුවෙන් දස වැදෑරුම් වැඩපිළිවෙළක්

Monday, 18 September 2023 - 12:29

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%83+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%91%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%9A%E0%B7%8A
දස වැදෑරුම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව සූදානම් වෙන බව වාර්තා වෙනවා.

එම දස වැදෑරුම් වැඩපිළිවෙළ සඳහා ත්‍රස්තවාදය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම, මත්ද්‍රව්‍ය ජාවාරම, දූෂණය, වෙළෙඳාම් ආශ්‍රිත අපරාධ සහ මුදල් විශුද්ධිකරණය ඇතුළු ලාභය මත පදනම් වූ අපරාධමය ක්‍රියාකාරකම් වළක්වා ගැනීම ආදිය අඩංගු වෙනවා.

මහ බැංකුව මේ බව අනාවරණය කර සිටියේ, පසුගිය දා කොළඹදී පැවැති මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන අවස්ථාවේදීයි.

ශ්‍රී ලංකාව 1997 වසරේ සිට මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ ආරම්භක සාමාජික රටවල් 13න් එකක් ලෙස කටයුතු කරනු ලබනවා. එවන් ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාව තුළ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට අනුගමනය කළ යුතු දස වැදෑරුම් යෝජනාවලිය, වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි උනන්දුවෙන් සහ වගකීමෙන් යුතුව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටිනවා.

ශ්‍රී ලංකාව මූල්‍ය කාර්ය සාධක බළකාය විසින් නැවත අළු ලේඛනගත නොවී සිටීමට වගබලා ගත යුතු බවත් එසේ නොවුණහොත් අහිතකර ආර්ථික බලපෑම්වලට නැවත මුහුණදීමට සිදුවනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ නිසා ශ්‍රී ලංකාවට එවන් අහිතකර ප්‍රතිවිපාකවලින් බේරී සිටීමට ක්‍රියාමාර්ග 10ක් අවධාරණය කර තිබෙනවා

සඵලතාව කෙරෙහි අවධානය යොමු කිරීම, වැඩි දියුණු කළ අධීක්ෂණය, කාලෝචිත නීති සම්පාදනය, සම්පත් වෙන් කිරීම, අන්තර් නියෝජිතායතන සම්බන්ධීකරණය, නඩු පැවරීම, නීතිය බලාත්මක කිරීම, අධිකරණය, පෞද්ගලික අංශයේ සහභාගීත්වය, ජාත්‍යන්තර සහයෝගීතාව එම ක්‍රියාමාර්ගයන් වෙනවා

මෙම ප්‍රමුඛතා ක්‍රියාමාර්ගවලට කාර්යක්ෂමව අනුගත වීම මගින්, ශ්‍රී ලංකාවට සිය අන්‍යෝන්‍ය ඇගයීමේදී හිතකර ප්‍රතිඵලයක් ලබා ගත හැකි වනු ඇති අතර මූල්‍ය කාර්ය සාධක බළකාය විසින් අළු ලේඛනගත කිරීම හා සම්බන්ධ අහිතකර ආර්ථික හා මූල්‍ය ප්‍රතිවිපාක වළක්වා ගත හැකි වනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories