ඉංග්‍රීසි භාෂාවෙන් සිදුකරන ඉගැන්වීම් වටහාගැනීමට අපහසුවීම නිසා කනස්සල්ලට පත්ව සිටි යාපනය විශ්වවිද්‍යාලයේ සිසුවියක් ගෙල වැළලාගෙන මියගොස් තිබෙනවා.
මියගිය සිසුවියගේ මව පවසන්නේ ඉංග්‍රීසි භාෂා ගැටලුව හේතුවෙන් ඇය මානසිකව පීඩාවට පත්ව සිටි බවයි.
කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිව සිටි වසන්තකුමාර් ඩිලක්සි යාපනය විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ඉගෙනුම ලැබූ වයස අවුරුදු 22 ක තරුණියක්.
ඊයේ (17) පස්වරුවේ ඇය තම නිවස තුළදී ගෙල වැළලාගෙන සිටින අයුරු දැක තිබුණේ ඇගේ සොහොයුරා විසින්.
අනතුරුව ඇයව වහාම කිලිනොච්චිය රෝහල වෙත ඇතුළත් කිරීමට නිවැසියන් කටයුතු කළද ඇය ඒ වනවිටත් ජීවිතක්ෂයට පත්ව සිටි බවයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ.
තරුණිය මෙලෙස සියදිවි නසා ගැනීමට හේතුව අනාවරණය වී නොමැති අතර මියගිය ඩිලක්සිගේ මව අප සමඟ පැවසුවේ තම දියණියට විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාවෙන් සිදු කරන ඉගැන්වීම් කටයුතු තරමක් අසීරු වූ බවයි.
එම නිසා තමන්ට යළි විශ්වවිද්‍යාලයට යාමට නොහැකි බවටත් ඇය පැවසූ බව මව සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Follow US
Most Viewed Stories