ඩුබායි නිපුනගේ ගෝලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට

Monday, 18 September 2023 - 20:15

%E0%B6%A9%E0%B7%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%B4%E0%B7%94%E0%B6%B1%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9C%E0%B7%9D%E0%B6%BD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ඩුබායි නිපුනගේ අපරාධ මෙහෙයවන ගෝලයන් සිව් දෙනෙකු හෙරොයින් සහ ආයුධ සමග අපරාධයකට සැරසෙමින් සිටිය දී පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ(17) වන දින ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ තොටලග කජීමාවත්ත ප්‍රදේශයේ KT 20 කජීමාවත්ත, පර්ගියුෂන් පාර, කොළඹ 14 ලිපිනයේ පිහිටි නිවස තුල දී වැටලීමක් සිදුකර තිබෙනවා.

එම වැටලීමේදී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ල සංජීව යන අයගේ ප්‍රධානතම සමීපතමයකු වන කපුරු බණ්ඩාරගේ දොන් නිපුන චමිත් උදයංග නොහොත් ඩුබායි නිපුන යන අයවලුන්ගේ සංවිධානාත්මක අපරාධ සදහා ක්‍රියාකාරීව කටයුතු කරන ලද පුද්ගලයින් අතර දෙනෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන් මට්ටක්කුලිය, කොළඹ 14, ගෝනහේන, සහ මට්ටක්කුලිය, කොළඹ 15 යන ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 19- 38 අතර වයසේ පසුවන පුද්ගලයන් සිව් දෙනෙකු වන අතර ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06 යි, මිලිග්‍රෑම් 330 ක් සහ මන්නා පිහි 03 ක්ද අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථාන වෙත භාර දී ඇති බවටයි වාර්තා වෙන්නේ.

තවද අත්අඩංගුවට ගන්නා ලද පිරිසෙන් එක් සැකකරුවෙකු වන කුවින්ටස් හෙවත් කුයියා නැමත්තා අලිවත්තේ අසිත නැමති සංවිධානාත්මක අපරාධකරු වෙඩි තබා ඝාතනය කිරීමට සහ ඉර්ෂඩ් නැමැති පුද්ගලයා කපා කොටා ඝාතනය කිරීමට අදාලව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව මේ වන විට ඇපමත මුදාහැර සිටින අයකු බවට ද තොරතුරු අනාවරණය වෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories