3 වන ශ්‍රේණියේ දරුවන්ගේ සාක්ෂරතාවය පිළිබඳව සමීක්ෂණයක්

Monday, 18 September 2023 - 20:34

3+%E0%B7%80%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BB%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
3 වන ශ්‍රෙණියේ දරුවන් සැලකීමේදී අඩුම සාක්ෂරතාවයක් පෙන්නුම් කරන්නේ මධ්‍යම පළාතේ දරුවන් බව අධ්‍යාපන අමාත්‍යාංශය සිදුකළ නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම එම වයසේ දරුවන් අතරින් අඩුම ගණිතමය හැකියාවක් පෙන්නුම් කරන්නේ උතුරු පළාතේ දරුවන් බව එම සමීක්ෂණ වාර්තාවේ සඳහන්.

මෙරට පාසල්වල 3 ශ්‍රෙණියේ දරුවන්ගේ පාසල් නිපුණතා පදනම් කරගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය මේ වසරේදී පළාත් මට්ටමින් සිදු කළ සමීක්ෂණයකට අනුව එම දරුවන්ගේ සාක්ෂරතාවය හා ගණිතමය හැකියාව පහළ ගොස් ඇති බව අනාවරණය වී තිබෙනවා.

සාක්ෂරතාවය සැලකීමේදී අඩුම නිපුණතාවක් පෙන්වා ඇත්තේ මධ්‍යම පළාතේ දරුවන් වන අතර එහි අගය 9% ක්.

ඌව, උතුර සහ නැගෙනහිර පළාත්වල 3 වන ශ්‍රෙණියේ දරුවන්ගේ සාක්ෂරතාව 10%ක් වන අතර උතුරු මැද පළාතේ එම අගය දැක්වෙන්නේ 15%ක් ලෙසයි.

එමෙන්ම දකුණු පළාතේ 16%ක් හා වයඹ පළාතේ 17%ක් වශයෙන් සාක්ෂරතාව දැක්වෙනවා.

බස්නාහිර හා සබරගමුව පළාත්වල එම අගය පිළිවෙළින් 20%ක් සහ 21%ක්.

මේ අතර එම සමීක්ෂණයට අනුව අඩුම ගණිතමය හැකියාව උතුරු පළාතෙන් වාර්තා වී ඇති අතර එම අගය 6%ක්.

එමෙන්ම නැගෙනහිර හා මධ්‍යම පළාත්වල ගණිතමය හැකියාව 9%ක් ලෙසත්, ඌව පළාතේ එම අගය 10%ක් ලෙසත් දැක්වෙනවා.

සබරගමුව පළාතේ 16%ක්, වයඹ පළාතේ 18%ක් හා දකුණු පළාතේ 19%ක් බස්නාහිර පළාතේ 22%ක් සහ උතුරුමැද පළාතේ 23%ක් ලෙස 3 වන ශ්‍රේණියේ ගණිතමය හැකියාවන් අඩු වී ඇති බව සමීක්ෂණයෙන් පෙන්වා දී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories