වැල්ලේ සාරංගගේ මාමා හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (17) වන දින මෝදර පොලිස් වසමේ අංක 70/26/ඒ, රොක් හවුස්, පටුමග, මෝදර, කොළඹ 15 ලිපිනයේ පිහිටි නිවස තුල දී වැටලීමක් සිදුකර තිබෙනවා.
එහි දී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06 යි, මිලිග්‍රෑම් 300 ක් සන්තකයේ තබාගෙන සිටි මෝදර, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 54 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු මෝදර පොලිස් ස්ථාන වෙත භාර දී ඇති බව සඳහන්.
සැකකරුගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවකු සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ල සංජීව යන අයගේ අනුගාමිකයකු වන සාරංග ප්‍රදිප් නොහොත් වැල්ලේ සාරංගගේ සංවිධානාත්මක අපරාධ සදහා මොහු ක්‍රියාකාරීව කටයුතු සිදු කල බවට තොරතුරු අනාවරණය වී ඇති අතරම මොහු වැල්ලේ සාරංග යන අයගේ මාමා බවට ද අනාවරණය වුණා.

Follow US

Most Viewed Stories