පාසල් සිසුවෙකු වූ ගෙල වැලලාගෙන සියදිවි හානිකර ගැනීමේ පුවතක් දඹදෙණිය,සිරිගල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 18 හැවිරිදි කුරුණෑගල ජනප්‍රිය පාසලක ඉගෙනුම ලැබූ සිසුවෙකු බව අනාවරණය වෙනවා.
සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සමාර්ථ නමයක් ලබා කුරුණෑගල ප්‍රදේශයේ ජනප්‍රිය පාසලකට ඇතුළත් ව සිටි මෙම දරුවාට පන්තියේ පළමු වැනියා වීමට නොහැකි වීම හේතුවෙන් මෙලෙස සියදිවි හානි කරගෙන ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.
මෙම දරුවා මාස කිහිපයක සිට තමාව පාසලෙන් ඉවත් කර ගන්නා ලෙසටත් තමන්ට සියදිවි නසාගැනීමට හිතෙන බවත් දෙමව්පියන් දැනුවත් කර තිබී ඇති බව විමර්ශන නිලධාරීන් පවසනවා.
පෙරේදා දිනයේ දෙමව්පියන් නිවසින් බැහැරට ගිය අවස්ථාවේදී මෙලෙස සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වෙනවා.
මිශ්‍ර පාසලක සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගෙන ඇති මෙම සියදිවි හානි කර ගත් සිසුවා පිරිමි පාසලකට ඇතුලත් කිරීම සම්බන්ධයෙන්ද කලකිරීමට පත්ව සිටි බවද අනාවරණය වෙනවා.
මෙම සම්බන්ධයෙන් ගිරිඋල්ල පොලීසිය ඉදිරි විමර්ශන සිදුකරන බව අප වාර්තාකරු පැවසුවා.

Follow US

Most Viewed Stories