දරුවන් ඝාතනය කිරීමට තැත්කළ පියා අත්අඩංගුවට

Tuesday, 19 September 2023 - 12:46

%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA++%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
දරුවන් දෙදෙනාට වස මිශ්‍ර ආහාර ලබා දී ඝාතනය කිරීමට තැත් කළ පියෙකු  පූඩළුඔය පොලීසිය විබ්සින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පූඩලු ඔය ,හැරෝවත්ත උඩ කොටස ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තා වෙනවා.

එකොළොස් හැවිරිදි හා අට හැවිරිදි දරුවන් දෙදෙනාට මෙලෙස ආහාරවලට වස මිශ්‍ර කර ඔහු ද වස පානය කර සිය දිවි නසා ගැනීමට තැත්කර ඇති බව පොලීසිය පවසනවා.

මෙම අපරාධය සිදු කිරීමට හේතු වී ඇත්තේ ඔහුගේ බිරිඳ ආරවුලක් මත නිවසෙන් පිටව කොළඹ ප්‍රදේශයට පිටත්ව යාම බව විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

මීට පෙරද  සැමියාගේ බීමත්කම හේතුවෙන් ආරවුල් ඇතිකරගෙන බිරිඳ නිවසෙන් මෙලෙස පිටව ගොස් ඇති බවද වාර්තා වෙනවා.

දරුවන් දෙදෙනා සහ පියා මේ වන විට ප්‍රතිකාර සඳහා ගම්පොල රෝහලට ඇතුළත් කර තිබෙන බව පොලීසිය පවසනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories