රුපියල් මිලියන 69ක් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට

Tuesday, 19 September 2023 - 13:34

%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+69%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
සේවිකාවක ලෙස සිටිමින් ආයතනයක  රුපියල් මිලියන  69 ක් වංචා කළ කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 11, මුහුදු මාවත ප්‍රදේශයේ පදිංචි තිස් හත් හැවිරිදි කාන්තාවක් බව පොලීසිය පවසනවා.

සැකකාර කාන්තාව විසින් ආයතනයට ලැබිය යුතු මුදල් වෙනත් ගිණුම්වලට බැරකර මෙම මූල්‍ය වංචාව සිදුකර ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

අත්අඩංගුවට  ගත් කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනාවරණය කරනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories