සෙල්වරාසාට එරෙහිව පිවිතුරු හෙළ උරුමයෙන් සී.අයි.ඩී යට පැමිණිල්ලක්

Tuesday, 19 September 2023 - 13:40

%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B7%83%E0%B7%8F%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B4%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%99%E0%B7%85+%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%93.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%A9%E0%B7%93+%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා පිවිතුරු හෙළ උරුමය අද (19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කළා.

ඒ, දෙමළ ඊලාම් විමුක්ති සංවිධායේ නායකයෙකු වන අමිර්තලිංගම් තිලීපන් සමරමින් රථ පෙළපාලියක් සංවිධානය කරමින් ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කළ බවට චෝදනා කරමින්.

තිලීපන්ගේ 36 වැනි සැමරුම වෙනුවෙන් නැගෙනහිර පළාතේ සිට උතුර පළාතට රථ පෙළපාලියක් සංවිධාන කර තිබුණේ පෙරේදා දිනයේදීයි.

එය ත්‍රිකුණාමලය හරහා ගමන් කරමින් තිබියදී සර්ධාපුර - 6 කණුව අසල රැඳී සිටි පිරිසක් ප්‍රහාරයක් එල්ල කළ අතර සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකිරීමටයි ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories