එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සමගාමීව නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී "තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ සමුළුව - 2023" ඊයේ (18) පැවැත්වුණා.
එම සමුළුවට ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද සහභාගි වුණා.
මෙහිදී සාකච්ඡා කෙරුණේ 2030 වන විට තිරසර සංවර්ධන ඉලක්ක කරා ළඟා වීමේ ප්‍රගතියක් අත්කර ගැනීම සඳහා ගත යුතු නව පියවර පිළිබඳවයි.
මේ සඳහා විදේශ කටයුතු අමාත්‍ය නීතිඥ අලි සබ්‍රි, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශන රුවන් විජේවර්ධන, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අරුණි විජේවර්ධන, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් ද මේ සඳහා සහභාගි වුණා.
මේ අතර, ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ සමුද්‍රීය ජාතීන් සඳහා වන 03 වැනි ඉන්දු - පැසිෆික් දූපත් අතර සංවාදයට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගී වුණා බවයි.
ඉදිරියේදී ඉන්දියානු සාගර රිම් සංගමයේ සභාපතීත්වය ශ්‍රී ලංකාවට හිමිවීම සහ වැඩි කලාපීය බලපෑමක් වෙනුවෙන් එහි ව්‍යූහය වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාව එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර තිබෙනවා.
මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදහස් පළ කළේ මෙසේයි;
"ටික කලකට කලින් කෙනෙක් මගෙන් ඇහුවා ඔයාලා ඉන්දියාවට පක්ෂපාතයි ද, චීනයට පක්ෂපාතයි ද? කියලා. මම කිව්වා අනිවාර්යයෙන්ම මම ඉන්දීය පක්ෂපාත කෙනෙක් නෙමෙයි. ඒ වගේම වැඩිදුරටත් මම කිව්වා මම චීනයට පක්ෂපාත කෙනෙකුත් නෙමෙයි කියලා. ඉතිං ඔහු ඇහුවා මගෙන් එහෙනම් ඔයා මධ්‍යස්ථයි ද කියලා. මම කිව්වා මම මධ්‍යස්ථ නැහැ, මම ශ්‍රී ලංකාවට පක්ෂපාත කෙනෙක් කියලා. ඒක තමයි ගොඩක් මිනිස්සු තේරුම් නොගන්න දේ.
කලාපයේ බලවතුන් සහ අනෙකුත් අයත් එක්ක බලද්දි අපේ ප්‍රමුඛතා අද සමාන නැහැ. ඉන්දීය සාගරය වුණත්, දකුණු පැසිෆික් දූපත් වුණත් ආර්ථිකමය, සමාජයීය සහ පාරිසරික වශයෙන් අපේ ප්‍රමුඛතා වෙනස්. අපි මේ අරමුණු සපුරා ගන්න උදව් කරන ඕනෑම රාජ්‍යයක්, ඕනම පාර්ශ්වයක් එක්ක කටයුතු කරනවා. ඉතිං අපි බටහිර සමඟ කටයුතු කරනවා එක පැත්තකින්.
අනිත් පැත්තෙන් අපි චීනය එක්කත් කටයුතු කරනවා. ඉතිං මූලික වශයෙන් ශ්‍රී ලංකාව වගේම අනෙකුත් දකුණු පැසිෆික් දූපත් ඔක්කොම එකම බෝට්ටුවේ ඉන්නේ. අපි උපායමාර්ගිකයි. ඒත් අපි උපායමාර්ගික වූ පමණින් අපි චීනය සමග හෝ වෙනත් කිසිවකු සමඟ හමුදා කටයුතුවලට සම්බන්ධවෙලා ඉන්නවා කියන එක අදහස් වෙන්නේ නැහැ.
මේ තත්ත්වයත් එක්ක අපි බලන්න ඕන අපේ දූපතේ භූ දේශපාලනික තත්ත්වය ගැන. ඉතිං අපිට දූපතක් ලෙස එන සියලුම බලවේග එක්ක කටයුතු කරන්න සිද්ධ වෙනවා." යනුවෙන්.

Follow US

Most Viewed Stories