2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
මෙම ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව තීරණාත්මක අවසන් පූර්ව තරගයකදී පාකිස්තානය පරාජය කර අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.
මේ තත්ත්වය තුළ මෙම අවසන් පූර්ව තරගයෙන් පසුව පාකිස්තාන කණ්ඩායමේ නායක බාබර් අසාම් සහ එම කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ෂහීන් ෂා අෆ්රිඩි අතර බහින් බස් වීමක් ඇති වූ බවට වාර්තා පළ වී තිබෙනවා.
කෙසේ වෙතත් පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු පැවසුවේ මෙම තොරතුරු අසත්‍ය බවත් මේ සියල්ල කටකතා බවත්ය.
මේ සම්බන්ධයෙන් ඔහු පැවසුවේ,
“කණ්ඩායමේ අවධානය ක්‍රිකට් ක්‍රීඩාවට පමණයි. අපිට විවේචනවලින් වැඩක් නැහැ. තරගයක් පැරදුනොත් විචාරකයන්ට අදහස් කියන්න අවස්ථාව ලැබෙනවා. කණ්ඩායම් රැස්වීමේදී හැමෝම තම අදහස් බෙදා ගත්තා. නමුත් වචන ගැටුමක් ඇති වූ බව ඇත්තක් නොවේ. හැමෝම එකට රැස්වීමෙන් පිටව ගියා.''

Follow US
Most Viewed Stories