ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Monday, 02 October 2023 - 6:23

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලටත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් අද (02) දිනයේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත්, ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලටත් මිලිමීටර 50 ට වැඩි වැසි ඇතිවිය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න කියා සිටියේ.

මේ අතර පසුගිය දිනවලට ගං වතුර මට්ටමේ පැවති නිල්වලා, කළු, ගිං සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් අඩුවීමක් පැවතියද ඉදිරියේදී ඇදහැලිය හැකි වර්ෂාවත් සමඟ එම තත්වය වෙනස්විය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එස්.පී.සී. සුගීෂ්වර කියා සිටියේ.

කෙසේ වෙතත් කැළණි ගඟේ ජල ගලනය තවදුරටත් ඉහළ මට්ටමක පවතින බවද ඔහු සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories