ගිලන් රථ රියදුරා කොස්තාපල්ගේ අත සපා කයි

Monday, 02 October 2023 - 8:30

%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD+%E0%B7%83%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BA%E0%B7%92
අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි බව කියන ගිලන් රථ රියදුරකු අත්අඩංගුවට ගැනීමට ගිය මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් කොස්තාපල්වරයකුගේ අතක් බරපතළ ලෙස සපා කා පහරදී රියදුරා පැන ගොස් ඇතැයි මුරුංකන් පොලිසිය පවසනවා.

මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් මත මුරුන්කන් රෝහලේ ප්‍රධාන දොරටුව ආසන්නයේදී පුද්ගලයකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 178 සහ මිලි 750 ක් සමග අත්අඩංගුවට ගෙන මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බව කියන ගිලන් රථ රියදුරා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදීයි මෙම සිදුවීම සිදුව ඇත්තේ.

මෙහිදී තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා මුරුංකන් රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories