ලෝක ජනාවාස දිනය අදයි

Monday, 02 October 2023 - 9:44

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
ලෝක ජනාවාස දිනය අදට යෙදී තිබෙනවා.

සුරක්ෂිත නාගරික ආර්ථිකයක් යන්න මෙවර ලෝක ජනාවාස දිනයේ තේමාවයි.

1986 වසරේ සිට සෑම වසරකම ඔක්තෝම්බර් මස ප්‍රථම සඳුදා දින ලෝක ජනාවාස දිනය සැමරෙනවා.

1985 වසරේදී ජැමෙයිකාවේ කිංග්ස්ටන් නුවර පැවති වාර්ෂික සැසිවාරයේදී එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසම මෙය වාර්ෂිකව සැමරීමටයි තීරණය කරනු ලැබුවේ.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන උත්සවය බත්තරමුල්ල සෙත්සිරිපායේදී අද(02) උදෑසන පැවැත්වෙනවා.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය විසින් ලෝක ජනාවාස දිනයට සමගාමීව අද සිට ජනාවාස සතියක් ප්‍රකාශයට පත් කර ඇති අතර, එම කාලය තුළදී ප්‍රතිලාභීන් 500 දෙනෙකුට නිවාස හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමටද නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories