දේශීයව නිෂ්පාදිත ගිනිඅවියක් අත්අඩංගුවට

Monday, 02 October 2023 - 10:02

%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%85%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ඉතා සූක්ෂම ලෙස බෝර 12 උණ්ඩ භාවිතා කර වෙඩි තැබිය හැකි දේශිය නිෂ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය දකුණු පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (01) බටපොල පොලිස් වසමේ පොල් හුන්නාව, බටපොල යන ස්ථානයේදි කරන ලද වැටලීමකදීයි මෙම ගිනි අවිය සොයාගෙන ඇත්තේ.

එහි දී මෙරට නිෂ්පාදිත බෝර 12 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ෂොට් කටස් වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි පොල්හුන්නාව, බටපොල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බටපොල පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

මෙම අවිය අපරාධ සදහා භාවිතා කර ඇතිද යන්න පිළිබඳව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories