කුසල් - මහීෂ් සුවෙන්

Monday, 02 October 2023 - 13:57

%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+-+%E0%B6%B8%E0%B7%84%E0%B7%93%E0%B7%82%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ලෝක කුසලාන තරගාවලියේ පුහුණු තරගයේදී ආබාධයට ලක් වූ කුසල් ජනිත් පෙරේරාගේ තත්ත්වය බරපතල නොවන බව සඳහන් වෙනවා.

බංග්ලාදේශයට එරෙහි තරගයේ දී පන්දුවට පහරදෙමින් සිටියදී කුසල් ජනිත් පෙරේරා දකුණු උරහිසේ සුළු ආබාධයකට ලක් වූ අතර, ඒ සම්බන්ධයෙන් නිකුත් කළ වෛද්‍ය වාර්තාව අනුව ලෝක කුසලාන තරගාවලියේ තරග සඳහා ඔහු සහභාගි වනු ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

මේ අතර, ආසියානු කුසලානය අතරතුරදී ආබාධයට ලක් වූ මහීෂ් තීක්ෂණගේ ශාරීරික යෝග්‍යතාවද යහපත් මට්ටමක පවතින බැවින් ඔහුද එක්දින ලෝක කුසලාන තරගාවලිය ආරම්භයේ සිට ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරනු ඇති බවයි වාර්තා වන්නේ.

තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගිවන දෙවන සහ අවසන් එක්දින පුහුණු තරගය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමඟ ගුවාහටි හිදී හෙට පැවැත්වීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories