අරගලකරුවෙක් තරගය අතරතුර කෝලිව වැළඳ ගනියි (ඡායාරූප)

Sunday, 19 November 2023 - 19:04

%E0%B6%85%E0%B6%BB%E0%B6%9C%E0%B6%BD%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%9A%E0%B7%9D%E0%B6%BD%E0%B7%92%E0%B7%80+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%B3+%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
2023 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය අතරතුරදී රසිකයෙක් තණතීරුව ආක්‍රමණය කර පිටියට පිවිස විරාත් කෝලිව වැළඳගෙන තිබෙනවා.

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර අහමදාබාද්හි පැවති ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී ඊශ්‍රායල - පලස්තීන යුද්ධයේ පලස්තීනයට සහාය පළ කරමින් ක්‍රීඩාංගණයට පිවිසි පලස්තීන හිතවාදීයෙකු විසින් මෙසේ පිතිකරණයේ රැඳී සිටි විරාත් කෝලිව ස්පර්ශ කර ඇති බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ මෙසේ ක්‍රීඩාංගණයට පිවිසි අරගලකරුවා චීන-පිලිපීන සම්භවයක් ඇති ඕස්ට්‍රේලියානු ජාතික වේන් ජොන්සන් ලෙස හඳුනාගෙන ඇති අතර, මේ වන විට ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අදාළ පුද්ගලයා පලස්තීන ධජයේ මෝස්තරයක් සහිත මුහුණු ආවරණයක් සහ ඉදිරිපස “පලස්තීනයට බෝම්බ හෙලීම නවත්වන්න” සහ පිටුපසින් “පලස්තීනය සුරකින්න” යන සටන් පාඨ සහිත ටී ෂර්ට් එකක් පැළඳ සිට ඇති බව ද සඳහන්.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.
No description available.

No description available.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories