ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පත් කළ ක්‍රිකට් අතුරු පාලන මණ්ඩලය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට අදාල පෙත්සම අනිද්දා (22) තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.
ඒ, එම පෙත්සම සෝභිත රාජකරුණා සහ ඩී. එන්. සමරකෝන් යන විනිසුරුවරුන් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදියි.
එදින තෙක් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවට අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියා.

Follow US

Most Viewed Stories