වර්ෂාවත් සමග මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක මාර්ග රැසකට පස්කඳු සහ ගල් පෙරලී ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
මහනුවර මඩොල්කැලේ ප්‍රධාන මාර්ගය පස්කඳු කඩා වැටීමෙන් තවදුරටත් ගමනා ගමනයට බාධා එල්ල වී ඇති බවටයි වාර්තා වන්නේ.
එමෙන්ම හතරලියද්ද දුම්කුඹුර මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ල වී ඇත්තේ පාලමක් කැඩී යාම හේතුවෙන්.
මේ හේතුවෙන් පොල්වත්ත, මාවතගම, මිණිගමුව ඇතුලු ප්‍රදේශ රැසක ජනතාව අපහසුතාවයට පත්වී ඇති බව හිරු වාර්තාකරු සඳහන් කළා.
මීට අමතරව නායයෑමේ අවධානමක් පැවතීම හේතුවෙන් ස්ථාන කිහිපයක අනාරක්ෂිත අන්දමින් රැදී සිටි පවුල් කිහිපයක් එම ස්ථානවලින් ඉවත් කළ බවයි මහනුවර දිස්ත්‍රික් අපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටියේ.

Follow US

Most Viewed Stories